කොළඹ පිරිසිදු කරන්න පාඨලීත් එක්වෙයි


‘සපිරි නගරයක් විසිරි සංවර්ධනයක්‘ තේමා කර ගනිමින් සඳුදාට (31) යෙදෙන ලෝක නගර දිනයට සමගාමීව කැළි කසල ඉවත් කර පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා, මහ නගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, මන්ත්‍රී මුජිබර රහුමාන් පළාත් මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් අද (30) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී ආරම්භ විය.

රාජ්‍ය ආයතන, යුද හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය, බාල දක්ෂයින් හා පරිසර නියමුවෝද මෙම අවස්ථාවට එක්වූහ.

IMG_1686 IMG_1699 IMG_1722 IMG_1735 IMG_1738 IMG_1757 IMG_1758 IMG_1760 IMG_1763 IMG_1765